(ඉන්දික අරුණ කුමාර)
මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල - පල්ලේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලක් තිස්සේ සිදුකළ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධරයෝ සමත්වෙති.
වසර 100 - 200 පමණ පැරණි කුඹුක් ශාක කපා වෙනත් ප‍්‍රදේශ වලට ප‍්‍රවාහනය සඳහා සුදානම් කර තිබියදී ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් එස්.ඩී.පී.ජයසූරිය මහතාට ලද තොරතුරකට අනුව මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින්, ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරින් මෙන්ම ලග්ගල පොලිසිය ද මෙහෙයුම සඳහා සහභාගී වූ පිරිස් අතර වෙති.
අත්අඩංගුවට ගන්නා ලද දැව තොගය ලග්ගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට භාරයේ පවතියි.
කාලයක් තිස්සේ ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රඹුක්ඔලූව,ගඟහේන්වල,මඩුමාන,රාවනාගම,ගෝනවල සහ ගල්ගොඩවල ආදී ප‍්‍රදේශ රැසක් ඉලක්ක කර ගනිමින් ජාවාරම්කරුවන් විසින් දැව කැපීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලග්ගල දැව ජාවාරමක් වටලයි