IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් දඹුල්ලේදී අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

හොරොව්පොතාන රඹැව ප්‍රදේශයේ පිහිටි නිවසක අල්මාරියේ තිබූ රුපියල් එක්ලක්ෂ තිසිතුන් දහසක් වටිනා රන් ආභරණ සොරාගත් කාන්තාවක අද (04) දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණැගල,දඹුල්ල මාර්ගයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවකි.

හොරොව්පොතාන රඹැව ප්‍රදේශයේ පදිංචි සම්භාහන ආයතනයක හිමිකාරියක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබුණ අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර කාන්තාවද එම ආයතනයේ සේවය කර ඇති බව පොලිසිය කියයි.

කාලයකට පසුව මෙම ආයතනය පාඩු ලැබීම හේතුවෙන් වසා දැමුන අතර සැකකාර කාන්තාව වෙනත් සම්බාහන ආයතනයක සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.

පසුගිය දිනක සැකකාරිය මෙම සම්බාහන ආයනයේ හිමිකාරියගේ දුරකතනයට කතා කර කියා ඇත්තේ තමන්  සේවය කරන ආයතනයෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන නිසා ඉල්ලා අස්වන බවකි.

ඊට පිළිතුරු දුන් සම්බාහන ආයනයේ හිමිකාරිය කියා ඇත්තේ වෙනත් රැකියාවක් ලැබෙන තෙක් තමන්ගේ නිවසට පැමිණෙන ලෙසයටය.ඒ අනුව සැකකාරිය දින කිහිපයක් එම නිවසේ සිට තංගල්ල ප්‍රදේශයේ පිහිටි සම්බාහන ආයතනයක සේවයට ගොස් ඇති බව පොලිසිය කියයි.

සම්භාහන ආයනයේ හිමකාරිය උත්සවයකට යාමට සිය රන් ආභරණ සොයා බලද්දී එවා අස්ථාන ගතවීම නිසා සැකකාරියට විරුද්ධව පොලිසියට පැමිණිලි කොට තිබුණි.

ඒ අනුව පොලිසිය දඹුල්ලේදී සැකකාරිය අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ සොරාගත් රන් භාණ්ඩ තංගල්ල සහ දඹුල්ල ප්‍රදේශවල පිහිටි උගස් මාධ්‍යස්ථාන කිහිපයකට උගස්කර ඇති බවයි.



අදහස් (0)

ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් දඹුල්ලේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32363 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 376 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1305 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site