(සිතුම් චතුරංග)
කිලිනොච්චිය , අයියකච්චි ප‍්‍රදේශයේ සිට හොරොව්පතාන දක්වා බස්රථයකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හතරයි ග‍්‍රෑම් 62 රැගෙන යමින් සිටි කාන්තාවක් අද (24) වවුනියාව බස්නැවතුම්පොළ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
උතුරේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා වවුනියාව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් වවුනියාව බස්නැවතුම්පොළේ සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා රැගෙන යමින් සිටි කාන්තාව අත්අඩංගුවටගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව තම ගමන් මල්ලේ කේරළ ගංජා තොගය අසුරා තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd