
(රෝවන් පෙරේරා පුත්තලම )
ඉරන ලද බුරුත දැව පැටවූ ලොරි රථයක් සහ සැකකරුවන් දෙදෙනකු පුත්තලම කොට්ඨාස දූෂණමර්ධන අංශයේ නිළධාරින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව පලාවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත.
දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වෙතැයි පොලීසිය කියයි. මෙම දැව තබ්බෝවඅභය භුමියෙන් හෝ වනසංරක්ෂණ වනාන්තරයකින් කැපුවා ද යන්න පොලීසිය පරික්ෂණ සිදුකරති.
අධිකරණ කටයුතු සඳහා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd