(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලය හා පුත්තලම තම්බපණ්ණී නාවුක හමුදා කදවුර සිදු කළ ධීවර මෙහෙයුමකින් රුපියල් ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුතු හැඹිලි දැල් කට්ටලයක් ධීවර යාත්‍රාවක් එන්ජිමක් සමඟ සැක කරුවන් සිව් දෙනෙකු පෙරිය පාඩුව වෙරළේ දී අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ හැඹිලි දැල් සඳහා වන වලංගු බළ පත්‍ර නොමැතිව ධීවර මෙහෙයුම් සඳහා යාමට සූදානම්ව සිටිය දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි. මෙසේ හැඹිලි දැල් සන්තකයේ තබා ගැනීම ද වරදක් බැව් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
සහකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 5 ක හැඹිලි දැල් අත්අඩංගුවට