IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ලක්ෂ 30ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)
 
කොළඹට ප්‍රවාහනය කිරීමට සඳහා සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 30 වටිනා කේරළ ගංජා කිලෝ 18 සමඟ පුද්ගලයකු අද(19) යාපනය, මරදන්කේණි හීදි අත්අඩංගුවට ගත් බව යාපනය සුරාබදු කාර්යාලය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
 
මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පිළිබඳ යාපනය සුරාබදු නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදී යතුරු පැදියක් තුළ සඟවා කේරළ ගංජා රැගෙනයමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ධීවර බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා රැගෙනවිත් ඇති බවත් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත කේරළ ගංජා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත. සැකකරු කේරළ ගංජා තොගය යතුරු පැදියෙන් කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව කොළඹට ප්‍රදේශයට රැගෙනයන බව පවසා තිබේ.
 
සැකකරු පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

ලක්ෂ 30ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site