(සිතුම් චතුරංග)
කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 24 ග‍්‍රෑම් 180 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම පේසාලේ, ඕලූතුඩුවායි ප‍්‍රදේශයේදී අද (30) උදෑසන මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගනු ලැබීය.
මහා පරිමාණයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් අනුව පොලිස් උපාය ධූතයකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය පැවසීය.
සැකකරුවන් දෙදෙනා පොලිස් උපායධූතයාට අලෙවිකිරීම සඳහා පොහොර උරයක දමා කේරළ ගංජා තොගය රැගෙන යතුරු පැදියකින් පැමිණි සිටියදී වැටලීම සිදුකළ බවද සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 30 ක ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට