(උපාලි ආනන්ද)
පළිගැනීමක් වශයෙන් මහඉලූප්පල්ලම රජයේ ගොවි පලේ තිබූ රුපියල් ලක්ෂ දහසයක් පමණ වටිනා බෝග වර්ග රැසක් කපා විනාශ කළැයි එම ගෙවිපලේ සේවකයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ජූනි 6 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ප‍්‍රගතිය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කෙරිණ.
ගොවිපලේ නීති විරෝධි මත්පැන් පෙරන සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිපල සේවකයෙකු අත් අඩංගුවට ගැනීමට පළිගැනීමක් වශයෙන් මෙය කර ඇතැයි හෙළී වූ බව අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd