IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 15 තේක්ක දැව කදන් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට



 
 
(සිතුම් චතුරංග)
       

කිලිනොච්චිය , ඉරණමඩු රක්ෂිතයේ නීති විරෝධී ලෙස කපන ලද රුපියල් ලක්ෂ 15 අධික වටිනාකමින්යුත් තේක්ක දැව කඳන් තොගයක් ලොරි රථයක සඟවා රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (18) කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
       

ගොම පොහොර ඇතුලත සූක්ෂම ලෙස සඟවා තේක්ක දැව කඳන් තොගය යාපනය ප්‍රදේශයට රැගෙ නයමින් සිටියදී අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
       

ඉරණමඩු රක්ෂිතයේ සිදුවන මහ පරිමාණ දැව ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාවෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී දැව කඳන් තොගය හා ලොරි රථය සමඟ සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
       

අත්අඩංගුවටගත් ලොරි රථයේ ගොම පොහොර සමඟ සඟවා විශාල ප්‍රමාණයේ තේක්ක දැව කඳන් 36ක් පටවා තිබූ බව පොලිසිය පැවසීය.     

සැකකරු යාපනය ප්‍රදේශයේ සිටින දැව ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා තේක්ක දැව කඳන් තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 පුද්ගලයකු වේ.



අදහස් (0)

ලක්ෂ 15 තේක්ක දැව කදන් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site