(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සහ මුල්ලිපුරම්වල සඟවා තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුතු තහනම් තංගුස් දැල් තොගයක් සමඟ අද (28) සවස ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම ධීවර සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
සැකකරු පුත්තලම නගරයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගත් සමස්ත දැල් ගොතය කිලෝ 300 ඉක්මවන බවද ධීවර නිලධාරීහු පවසති.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ අලෙවිසැලක සහ මුල්ලිපුරම් ප්‍රදේශයේ ගබඩාවක රහසිගතව සඟවා තිබූ තංගුස් දැල් තොගයකි.මෙයට පෙර අවස්ථා කිපයකදීම අදාළ තහනම් තංගුස් දැල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථානය වටලා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වී තිබී ඇත.
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ තහනම් තංගුස් දැල් සන්තකයේ තබා ගැනීම, මසුන් ඇල්ලීමට අලෙවි කිරීම හා ගබඩා කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි. 1996 අංක 2 දරණ ධිවර හා ජලජ සම්පත් පනතේ 28 වන වගන්තිය අනුව එම දැල් අලෙවිය තහනම් කර ඇති බව ද ඔහු කීය.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 10ක තහනම් තංගුස් දැල් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට