IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාවේ ප්‍රථම හදවත් බද්ධයට වසරක් සපිරෙයි.


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)


ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණුව පවතින රටවල මෙන්ම අවයව බද්ධ කිරීමට අපේ රටේ වෛද්‍යවරුද සමත්ව සිටිති.
මියගිය අයකුගෙන් ලබා ගන්නා ඇස්, වකුගඩු, අක්මාව, අත්, පාද බද්ධ කරමින් තවත් මිනිසෙකුට ජීවය ලබාදීමට හැකිවිම ඇදහිය නොහැකි තරම්ය.


මිට වසර කිහිපයකට පෙර ලංකිකයන් ලෙස එය අපට  ඇදැහිය නොහැකි වුවත් වර්තමානයේ අපේ රටේ වෛද්‍යවරු එවන් සැත්කම් දහස් ගණනක් සිදුකර මිනිස් ජීවිත රැසක් බේරාගෙන තිබේ.


මෙයද අපේ වෛද්‍යවරුන්ගේ විශ්මිත හැකියාවන් ලොවට කියාපාන එක් අවස්ථාවකි. මියගිය පුද්ගලයෙකු ගෙන් ලබාගත් හදවතක් තවත් කාන්තාවකගේ සිරුරට බද්ධ කිරිමේ සැත්කමක් ලංකාවේ ප්‍රථම වතාවට 2017 ජුලි මස 07 දින මහනුවර රෝහලේදි සිදුවිය. අදට(07)මෙම සැත්කමට වසරක් සපිරෙයි.


එම සැත්කම සිදුකරනු ලැබුවේ විශේඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා විසිනි. රෝගියා අනුරාධපුර හිදෝගම කලුආරච්චියාගම ඩබ්.ඒ.පුෂ්පකුමාරි (34) නැමැති එක්දරු මවකි.


පසුගිය වසරේ ජුලි මාසයේදි රිය අනතුරකින් මියගිය මහනුවර පිලිමතලාවේ දවුල්ගල පදිංචිව සිටි ප්‍රදීප් කුමාර (24) නැමැති තරුණයාගේ හදවත ඔහුගේ දෙමාපියන්ගේ කැමැත්ත මත මෙසේ බද්ධකර තිබුණි.


සිය සැත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩබ්.ඒ.පුෂ්පකුමාරි (34) මහත්මිය මෙසේ පැවසුවාය.


‘මම හදවත් රෝගයෙන් බොහොම පීඩාවට පත්වෙලා හිටියේ. දෙවියෙක් වාගේ පිහිට වෙලා මාව බේරුවේ අනිල් අබේවික්‍රම දොස්තර මහතායි. මාස 11 ක් විතර රෝහලේ නැවති ප්‍රතිකාර ගත්තා. දැන් ගෙදර ඉවුම් පිහුම් වැනි කටයුතු කර ගන්න පුලුවන්. ඒ වාගේම මම පින් දෙන්න ඔනේ මට හදවත ලබා දුන්න ප්‍රදිප් කුමාර මල්ලිටත් ඔවුන්ගේ දෙමාපියන්ටත්. මට බොහෝ දෙනෙක් උදව් කළා. ඒ ඔක්කෝටම පිං ලැබේවා’ කියා ප්‍රර්ථනා කරන බවද වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (1)

ලංකාවේ ප්‍රථම හදවත් බද්ධයට වසරක් සපිරෙයි.

Raveendra Saturday, 07 July 2018 04:48 PM

ඔබතුමියට නිරෝගිව හොදින් ජීවත්වීමට ලැබේවා යන්න අපගේ පැතුමයි. එමෙන්ම ඔබට තම හදවත පුජාකළ එම දරුවාට මෙපින් බලයෙන් ලබන්නාවූ කිසිදු අත්මයක එවන් කරදයක් නොවේවා!!! තවද එම දරුවාගේ දෙමවුපියන්හට මෙලොවදීම කල එම පිනේමහිමෙන් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සපලවෙවා!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site