ශ්රී ලංකාවේ මහේස්ත්‍රාත්වරයකු වූ ගම්මැද්දේගොඩ ප්‍රියන්ත මහතා ෆීජී රාජ්‍යයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස දිවුරුම් දුන් බව එරට වාර්තා කියයි.
මීට පෙර ශ්‍රී ලංකාවේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ද ෆිජි හි මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ප්‍රියන්ත මහතා ෆිජී ජනපති විශ්‍රාමික මේජර් ජනරාල් ජිඕජි කොනෝයුසි කොන්රෝටෝ, අගවිනිසුරු ඇන්තනි ගේට්ස් හා ලේඛකාධිකාරි යොහාන් ලියනගේ යන මහත්වරුන් ඉදිරියේ දිවුරුම් දුන් බව ෆිජී ටයිම්ස් පුවත්සේවය වාර්තා කළේය.
නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් හිමි ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd