(තිළිණි ද සිල්වා)
ලෙබනනයේ රැකියා වල නියුතු ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එරට ශ්‍රී ලංකා තානාපතිනී ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ඉකුත් 09 වන දින ලෙබනන් කම්කරු අමත්‍ය කැමිල් අබුස්ලෙයිමාන් මහතා හමුවිය.
බීරෑට් නුවර පිහිටි කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ලෙබනනයේ සේවයේ නියුතු ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය පිළිබඳව සිය අගය ප්‍රකාශ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා තානාපතිනිය උණුසුම් ලෙස පිළිගත්තේය.
සංක්‍රමණික ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් දැනට ලෙබනනයේ පවතින කොන්දේසි සිහිපත් කළ ඔහු සංක්‍රමණික ගෘහ සේවිකාවන් සඳහා දැනට පවතින සම්මත ඒකාබද්ධ කම්කරු කොන්ත්‍රාත්තුවට යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.
මේ සම්බන්ධයෙන් ඇගයීම් කමිටුවේ නිර්දේශ සාමාන්‍ය ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් (ආගමන දෙපාර්තමේන්තුව) සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අමාත්‍ය අබුස්ලෙයිමන් සඳහන් කළේ කෆලා ක්‍රමය වෙනස් කිරීම සඳහා තමා දැඩි ස්ථාවරයක් ගන්නා බවත් ශ්‍රමිකයින් යවන රටවල් සමඟ ඇති ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට වඩා සම්මත රාමුවක් ස්ථාපිත කිරීමට කැමැත්තක් දක්වන බවද කියා සිටිය.
තානාපති කරුණාරත්න මහත්මිය මෙහිදී ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව ලෙබනනයට වැඩිපුරම ශ්‍රමය යවන රටද වන බව එහිදී ඇය අවධාරණය කළාය.
ඊට පිළිතුරු දුන් ලෙබනන් කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ සංක්‍රමණික සේවකයින්ට සිදුවන හිරිහැරයන් අවම කිරීම සම්බන්ධයෙන් තම කාර්යාලය කටයුතු කරන බවය.
ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිතිවල විශේෂයෙන් සංචාරක කර්මාන්තය ගැනද අමාත්‍යවරයා සමඟ කතා කළ අතර තානාපතිවරයා ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු ලබා ඇති ප්‍රගතිය ගැනද ලෙබනන් අමාත්‍යවරයාව දැනුවත් කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ලංකා තානාපති ලෙබනන් කම්කරු ඇමති හමුවෙයි