( එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මූලික රෝහලේ සාමාන්‍ය කම්කරුවකු අද (20) උදෑසන සිට රෝහලේ ජල ටැංකිය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විධිමත් ස්ථාන මාරුවීම් ලිපියක් , සේවයෙන් නිදහස් කිරීමේ ලිපියක් , ස්ථාන මාරුවීම හේතුව දක්වා ලිපියක් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙලෙස විරෝධතාවේ නියැලී සිටිති.
රෝහල් සාමාන්‍ය කම්කරුවකු වන එච්.එම්.එස්.ජී ධර්මරත්න මහතාලෛස විරෝධතාවේ නියැලී සිටී.
මීට පෙර තමන් වසර 07 කට පෙර පුත්තලම අනුරාධපුර මාර්ගයේ අළුත්ගම 17 කණුව ග්‍රාමීය රෝහලේ සේවය කළ බවත් , කිසිදු ලිඛිත දැනුම් දීමකින් තොරව තමන් පුත්තලම මූලික රෝහලට මාරු කර බවත් ඒ පිළිබදව කළ විමර්ෂණ වල වාර්තාවක් තමන්ට නොලැබුණු බවත් ඔහු කියයි.
එම නිසා තමන්ගේ උසස්වීම ඇතුළු රාජකාරී ජීවිතයට ගැටළු රැසක් පැන නැගී ඇති බවත් , මේ තත්වයට පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිළධාරින් , හා දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා කාර්යාලයේ බළධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරණ බවත්, මේ අසාධාරණය පිළිබදව ජනාධිපති තුමන් ඇතුළු බළධාරීන්ට ලිඛිත දැන්වූ නමුත් එයට විසදුමක් නොමැති නිසා තමන් මෙලෙස ජල ටැංකියට නැග බවත් ඔහු සඳහන් කළේය.
මේ පිළිබදව පුත්තලම මූලික රෝහලේ අධක්ෂක වෛද්‍ය එච්.එම්.ඒ දුශ්ෂන්ත මහතාගේන කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ මේ පිළිබදව තමන්ට කිසිවක් පැවසීය නොහැකි බවයි.
(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
(ඡායාරූප: එච් චන්දන)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රෝහල් සේවකයෙක් ජල ටැංකිය මත නැඟ විරෝධතාවක