(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරුවකු අද(30) මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 29 හැවිරිදි තැනැත්තෙකි.
ඉකුත් 28 වැනි දින විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමට අදාළ වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සිර මැදිරියක රඳවා තිබියදී හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව නොගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.
ගිනි අවි සහිත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදා තිබිණි.
සැකකරු ඊයේ(29) කොස්තාපල්වරුන් දෙදෙනාට හොර රහසේ පලාගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේදී ඥාති නිවසක සැඟව සිටියදී අද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පලාගිය සැකකරුවකු අල්ලයි