(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරුවකු අද(30) මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 29 හැවිරිදි තැනැත්තෙකි.
ඉකුත් 28 වැනි දින විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමට අදාළ වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සිර මැදිරියක රඳවා තිබියදී හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව නොගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.
ගිනි අවි සහිත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදා තිබිණි.
සැකකරු ඊයේ(29) කොස්තාපල්වරුන් දෙදෙනාට හොර රහසේ පලාගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේදී ඥාති නිවසක සැඟව සිටියදී අද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd