ශ්රී ලංකාවේ පැවැත්වෙන සාහිත්‍ය මාසයට සමගාමීව ලන්ඩන් නුවරදී "රස" නමින් සාහිත්‍ය කලා මංගල්‍යයක් පැවැත්වීමට ලන්ඩනයේ අලුතෙන් ආරම්භ කර ඇති "බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය" කටයුතු සුදානම් කර ඇත. සැප්තැම්බර් 25 වැනි දා සවස එකේ සිට පහ දක්වා උතුරු ලන්ඩනයේ කිංග්ස්බරි උසස් විද්‍යාලීය ශාලාවේදී පැවැත්වෙන මෙම කලා උළෙල ඔවුන්ගේ ආරම්භක වැඩසටහන ද වෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ චන්දන ගුණසේකර මෙසේ කියයි. " කලාවට සහ සොබාදහමට ආදරය කරන්නා තම මව හඳුනන්නේය. දිවියේ සැබෑ රස හඳුනන්නේය. නිකමට හුස්ම හා නාඩි වැටෙන නිසා ජීවත් වනවාට වඩා දිවිය විඳිමින් ජීවත් වන්නේය.
අප තනි තනිවම විඳි, කුඩා කල පටන්ම අපගේ රුධිරයට මුහුවී ඇති මේ සියලු රස භාවයන් තව දුරටත් තම තමන්ගේ මනෝ ලෝකවල ගුලිවී හුදෙකලා වී විඳ ගත යුතු නැත. අලුත් රසයක පහස අවැසි බැව් ඔබට දැනී නැතිද? රසයෙන් පරිනත විය යුතු බව හා තවත් අලුතින් දෙයක් දිවියට එකතු කරගත යුතු බව දැනී නැතිද? අපට නම් එසේ සිතී ඇති වාර අනන්තය. අප්‍රමාණය. එහි ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය බිහිවීමයි.
මේ සාහිත්‍ය මාසයේ දී එහි කූටප්‍රාප්තිය ලෙස ඉදිරිපත් කරන මහා කලා මංගල්‍යයයි " රස". මන්ද කලාව ඇඟේ පත්තියන් වූ සහෘදයාට කලා රසයක සුවඳ ගව් දහස් ගණනක් ඈතට වුවද මලක සුවඳ බඹරකුට දැනෙනවා සේ දැනෙන බැවිනි. ඒ දිනය දැන් වැඩි ඈතක නොවේ. එනම් සැප්තැම්බර් 25 වැනි දා සවස 1 සිට 5 දක්වා අප හා එක්වන්නට පැමිණෙන්න රොද බඳින්න. රස විඳගන්න.
මෙම සුවිශේෂී කලා උළෙලේදී බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකාවට සම්බන්ධ කලාකාමී කටයුතු වල නිරතවෙමින් සමාජ සේවයෙහි යෙදෙන කලාකරුවන් හතර දෙනෙකුට සම්මාන පිරිනැමීම ද සිදුකෙරෙනු ඇත. මෙම කලා මංගල්‍යයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත හේරත් විසිනි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකියා කලා සංසදයේ අනුශාසක කොන්වැවේ අරියරතන හිමි සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මෙහිදී විශේෂ දේශන පවත්වනු ඇත. උළෙලට සමගාමීව පවත්වන ගද්‍ය, පද්‍ය , ගේය පද, ඡායාරූප හා චිත්‍ර තරඟයේ නිර්මාණ භාර ගන්නා අවසාන දිනය අධික ඉල්ලීම් මත සැප්තැම්බර් 20 වැනි දා දක්වා දීර්ඝ කර ඇත. එම තරඟ වලින් ජයගන්නා සියල්ලටම එදින ත්‍යාග සහ සහතික පත් පිළිගන්වන අතර එම කෘතීන් සියල්ල ඇතුලත් ප්‍රදර්ශනයක්ද පැවැත්වෙයි. මෙයට අමතරව පොත් පත් ප්‍රදර්ශනයක් සහ සල්පිලක්ද සංවිධානය කර ඇත.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
"රස" සාහිත්‍ය කලා මංගල්‍යයක් ලන්ඩනයේ