IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුවන්පුරේ ගංවතුර බැස ගියත් ජනජීවිතය තවමත් අඩාලයි

අජිත්ලාල් ශාන්තඋදය  

                                                  
වැසි ඇදහැලීමේ අඩුවක් පැවතුන ද මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ග‍්‍රාම නිලධාරී වසම් 240කට බලපා ඇති ගංවතුර ආපදා තත්ත්වයන් නිසා මරණ දෙකක් වාර්තාවී පවුල් 8857ක පුද්ගලයින් 34551 ආපදාවට ලක්ව ඇතැයි රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.


ගංවතුර තර්ජනය ගෙනෙන කලූ, වේ, හංගමු, දෙනවක්, බඹරබොටුව, කුරු, ගලතුර ආදී ගංගා වල ජල මට්ටම් මේ වනවිට සීග‍්‍රයෙන් පහළ බැස තිබේ.


බොහෝ ප‍්‍රදේශවල ළිං ජලයෙන් යටවීම නිසා පහත්බිම් ප‍්‍රදේශවල වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටලූවක් පවතී. එසේම ගංවගුරින් ගා ආ විවිධ අපද්‍රව්‍ය පහත්බිම් ආශ‍්‍රීව රැඳී තිබේ. ඒවා ඩෙංගු මදුරුවන් බෝවීමට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහූ අනතුරු අඟවති.


එහෙත් ඇලපාත, කුරුවිට, නිවිතිගල, අයගම, කිරිඇල්ල ආදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් වල ජලය තවමත් රැඳී පවතී. ගංවතුර හේතුවෙන් මෙවර යල් කන්නයේ වගා කළ කුඹුරු විශාල ප‍්‍රමාණයකට ද හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.


පහත්බිම්වල වෙනත් වගා බිම් වලට ද හානි සිදුව ඇති අතර සාම්ප‍්‍රදායික මැණික් පතල් කර්මාන්තයට ද මෙම ආපදා තත්ත්වය බලපා ඇත. රබර් කිරි කැපීම් සම්පූර්ණයෙන් ම නැවතී තිබේ. වැලි ගොඩ දැමීම, ගඩොල් කැපීම, සාමාන්‍ය කුලී වැඩ වැනි ක්‍ෂේත‍්‍රවල නියුතු වු විශාල පිරිසකට සිය රැුකියා අවස්ථා තවමත් අහිමිව ඇත.

වැසි සහිත කාලගුණ තත්ත්වයන් නිසා ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩවලද යම් පසුබෑමක් ඇතිවීම නිසා එවැනි ක්‍ෂේත‍්‍ර වලද කම්කරු, පෙදරේරු, වඩු,  පයිප්ප වෑද්දුම්, වැනි රැකියාවල නිරතවූ විශාල පිරිසකගේ ආදායම් ඇණහිට තිබේ.

රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම, කලවාන, නිවිතිගල, කහවත්ත, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, බළන්ගොඩ, ඕපනායක, ගොඩකවෙල, ඉඹුල්පේ සහ කොළොන්න යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරිය පවසයි.



අදහස් (0)

රුවන්පුරේ ගංවතුර බැස ගියත් ජනජීවිතය තවමත් අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site