( ප්‍රින්ස් රත්නායක )
බණ්ඩාරවෙල සිට කොස්ගම දක්වා ධාවනය කරවූ බස් රථය උඩ විහාරගල දී කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේ අඩි දහසක පල්ලමකට යා නොදී බසය ගලක වැදීමට සලස්වා ජීවිතය 28ක් බේරා ගත් රියැදුරු එච්.එම්. කීර්ති බණ්ඩාර මහතාට වීර නාමයක් ලබා දෙන්නැයි ඔහුගේ ඥාතීහු ඉල්ලති.
මෙම අනතුරින් බණ්ඩාරවෙල ඩිපෝවේ සේවය කළ රියදුරාගේ ජීවිතය අහිමි විය.
තම පවුලේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන නිලධාරීන් දෙදෙනකු සිටින බව පවසන පවුලේ උදවිය ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතුව සිටියදී මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාවක් කළේ නම් වීර විභූෂණ පදක්කම් ලැබෙන නමුත් ඩිපෝවල එවැනි තත්ත්වයක් නොමැති බවත් කියති.
තම සහෝදරයා ජීවිතය පරදුවට තබා ජීවිත ගණනාවක් බේරා ගත් බවත් ඔහු කළ ක්‍රියාව අමරණීය බැවින් එය එය සිහිවීම වෙනුවෙන් වීර නාමයක් ලැබෙනවා නම් සතුටක් බවත් මියගිය බණ්ඩාරගේ සහෝදරවරු සහ බිරිඳ ප්‍රියංගිකා නිල්මිණී පැවසූහ.
පසුගිය 6 වැනිදා මාරක අනතුරෙන් මියගිය රියදුරු මහතා වෙනුවෙන් නිවසේ ධර්ම දේශනයක් ද හත් වැනිදා දහවල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බස්වලට සීට් බෙල්ට් අනිවාර්ය කරන්න ඕනෙ. මෙතුමාගේ වීර ක්‍රියාව කරන ගමන් ජිවිතෙත් බේර ගන්න තිබ්බා සීට් බෙල්ට් පෑලද හිටියානම්. වීර පදක්කම් එක්කම මෙතුමාට මුදල් උපකාරත් කරන්න ඕනෙ.
මැති ඇමතිවරුන් සුපිරි ආරක්‍ෂිත වාහන කෝටි ගණනකට ගන්න රටේ මේ වගේ අතිදුෂ්කර පළාත්වල තාමත් යන්නේ හරියට ගියර් වැටෙන්නේ තිරිංග වදින්නේ නැති පරණ ඉන්දියන් බස් කටු , මෙතුමාට වීර පදක්කමක් දෙන ගමන් සාමාන්‍ය ජනතාවට ආරක්ෂාකාරීව පොදු ප්‍රවාහන සේවයක ගමනක් යන්න තියන අයිතියත් තහවුරුකරන්න , අඩුගානේ අලුත් බස් 100ක් වත් එක්කරන්න
මේ ඉල්ලීම සම්පුර්ණ සාධාරණයි. ඒ වගේම මේ අනතුරෙන් ජීවිත අහිමිවූ අනික් දෙදෙනාගේ පවුල් ගැනත් සලකා බලන්න.
ඔය ඔක්කොම ජීවිත බේරෙනවා නියම ලෙස නඩත්තු කල බස් රථ සේවයේ යෙදෙව්වා නම්. තිරිංග නියම පරිදි වැඩ කරනවද කියලා කලින් පරීක්ෂා කරන්න ක්‍රම වේදයක් තියෙන්න ඕන.
ඩිපෝ ඇතුළේ ඉන්නේ උස සිකුරිටි කාරයෝයි කොට කම්කරුවෝ නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ...
ස්තූති කරාට බොහොම පින් කෙහෙල් මල මගේ ජීවිතේ බේරගන්න මට නිකම්ම කන්දට කැපුන අනෙක් අයත් මගේ ජීවිතේ නිසා ගැල වුණා.... ස්තූති කරන්න ඕන මගේ ජීවිතයට සහ එය ආරක්ෂාවට ඉබේම ක්‍රියාත්මක වූ මොළයට....
හත් දවසේ දැනේ දෙන්න ඕන ඕක නඩත්තු කොරන අලස ඉංජිනේරුවට ලංකාවේ නම් බාස් උන්නැහේට ඉංජිනේරුව කරන්නේ ඕට් කොළ අස්සන් කරන එක සහ ළමෝ පාසලට බිරිඳ වැඩට ගෙන යාම පමණි.....
බස් රථ වලට තිරිංග අවශ්‍ය නැහැ
වීර නාමය දෙන ගමන් මෙම පවුලේ දරුවන්ට ඉගෙනීම ඉවර වෙනකම් උදවු කරන්න ක්‍රමවේදයක් රජයෙන් ලබා දිය යුතුයි
රජයෙන් වීර නාමයක් ඉල්ලලා...මේ ඇත්තම වීරයාට අවමන් කරන්න එපා. ආණ්ඩුවෙන් දෙන " වීර " නාමයට වඩා ලොකු අමරනියම වීර නාමයක් දැනටමත් එතුමාට ලැබිලා තියෙනවා. ඒ හද ගැස්ම හඳුනන දුප්පත් අහිංසක අවංක මිනිස්සුන්ගේ හදවත්වල " ඇත්තම වීරයෙක් " ලෙස මෙතුමාගේ නම අමතක නොවනලෙස " කෙටී " රැඳී තිබීමයි. තම ජිවිතයට වඩා අනුන්ගේ ජීවිතය අගය කල විරයාණෙනි ඔබට නිවන්සුව.
කප් නුත් අර යතුරු පුවරුව ඉස්සරහට ගිහින් මොනවා හරි කොටන කෙනෙක්. ෂීට් බෙල්ට් එකකින් දෙන්නේ වෙන විදියේ ආරක්ෂාවක් ඒකෙන් කරන්නේ ගැටුමකදී සුෂුම්නාවට වෙන හානිය වලකන එක air bag එකකුත් සමගම සමහරවිට ඔයා කියන බෙල්ට් එකත් තිබුනානම් පොඩි ගැලවීමක් තියෙන්න තිබුන ( අපේ බස්වල ඔය දෙකම නැහැ නෙව ) අර කාලයකට ඉහතදී ලිබරල් පක්ෂයේ නායකතුමා ගේ අනතුර එහෙම එකක් ඒක නවීන වාහනයක් ෂීට් බෙල්ට් air bag ඔක්කොම වැඩකරලා තිබුන නමුත් එතුමාගේ ජීවිතය නැති වුණා නමුත් මේ වැදිලා තියන විදියට බෙල්ට් එකක් නෙමෙයි 100 ක් තිබුනත් වැඩක් නැහැ. අපට මෙතන ඉඳන් දෙයක් වුණාට පස්සේ කියන්න ලේසියි නමුත් කරන්න අමාරුයි මෙතුමාට කරන්න තිබුන එක දෙයක් තමයි ඔක්කොම සෙනග ටික වම පැත්තට යවල බස් එකේ පැත්තක් කණ්ඩියේ වද්දන්න එහෙම වුණා නම් සමහරවිට මෙතරම් දෙයක් නොවෙන්න තිබුන නමුත් ඔයවගේ වෙලාවට හිතට එන්නේ කලයුතු හොඳම දෙය නොවෙන්න පුළුවන් ඒකයි අවාසනාව මොනදේ වුණත් මෙතුමා ඇත්තටම වීරයෙක් !