(ප්‍රසන්න පත්මසිරි)
බඩල්කුඹුර පස්සර මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් අද (21 ) ලොරි රථයක ගැටී සිදුවු අනතුරකින් පුතා මියගොස් පියා බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.
අනතුරින් පස්සර මීදුම්පිටියේ පදිංචි ආරුමුගන් මනෝහරන් තිරෝෂන් 19 නැමැති පුතු මියගොස් ඇති අතර ආරුමුගන් මනෝහරන් 57 නැමැති මිය ගිය අයගේ පියා බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
පිය පුතු දෙදෙනා යතුරුපැදියෙන් බඩල්කුඹුර ප්‍රදේශයට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදි තොළබෝවත්ත ප්‍රදේශයේදි ලොරියක ගැටී දෙදෙනා අනතුරට ලක්ව තිබේ.
යතුරු පැදිය පැදවු පුතා අනතුර සිදු වෙද්දී මාර්ගයෙන් ඉවතට විසිවී ලී දඩුවක් බෙල්ල පසාරු කරගෙන ගොස් එතැනම මියගොස් ඇති බවත්, බරපතල තත්වයේ තුවාල ලැබු පියා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යැවු බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් තරුණයා මරුට