IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රිය අනතුරින් කොස්තාපල් මරුට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල රෝහල ආසන්නයේ දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි හබරණ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් එම්. ඩබ්ලිව්. යු.පි.කේ බණ්ඩාර (7339 5)  වයස අවුරුදු 32 ක් වූ   තොරතුරු  තාක්ෂණ නිලධාරිවරයා බව දඹුල්ල පොලිසිය සඳහන් කර සිටී.
 
පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වී ගලේවෙල ප්‍රදේශයේ නිවස බලා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදු වී තිබෙන බව පොලිසිය කියයි.
 
පොළොන්නරුව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයේ ද වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
 
ටිපර් රථයේ රියදුරු පොලිසියට ප්‍රකාශකර ඇත්තේ තමන් වතුර පානය කිරීම සදහා මාර්ගය අසළ වාහනය නවතනවාත් සමඟ පිටුපස ශබ්දයක් ඇසුණු බවත් තමන් වාහනයෙන් බැස බලද්දී යතුරුපැදිය ටිපර් රථයේ පිටුපස ගැටී අයකු වැටී සිටිනු දැක අවට කීපදෙනකුගේ උදව් ඇතිව රෝහලට රැගෙන ගිය බවයි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ .සැකපිට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පොලිස් කොස්තාපල්වරයා දෙදරු පියෙකි. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


 
 



අදහස් (0)

රිය අනතුරින් කොස්තාපල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site