IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


රිය අනතුරකින් හමුදා සාමාජිකයෙක් මරුට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

කොළඹ හලාවත මාර්ගයේ කටුනේරියේ දි අද ( 10) උදෑසන සිදුවු අනතුරකින් හමුදා සාමාජිකයෙකු මිය ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි. 

ඔහු සේවයට යමින් සිටියදී ත්‍රි රෝද රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ද ගැටී අනතුරට ලක්ව ඇත. 

තුවාල ලැබූ හමුදා සෙබළා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මිය ගොස් ඇත්තේ හලාවත මුගුණුවටවන විසු වර්ණකුලසුරිය ටිරෝන් සෙපිල් ප්‍රනාන්දු ( 29 ) නමැති,  ගුවන් හමුදා සාමාජිකයෙකි.

අනතුරට සම්බන්ධ රථවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රිය අනතුරකින් හමුදා සාමාජිකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32307 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14817 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 369 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1294 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site