( හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත ආණමඩුව මාර්ගයේ පල්ලම සේරු කැලේ හංදියේ දි වු අනතුරකින් බරපතල ලෙසින් තුවාල ලැබු සිව් දරු පියෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පල්ලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සිව් දරු පියෙකු වන පල්ලම සේරුකැලේ විසු විමල් දබරේරා ( 61) නමැති අයෙකි.
මෙම පුද්ගලයා පාපැදියකින් සේරුකැලේ හංදියට පැමිණ නත්තලට දැල්වීම පිණිස රතිඤ්ඤා පැකැට්ටුවක් සමග විදුලි පන්දමක් ද මිළ දි ගෙන ආපසු නිවසට යද්දි මෙම අනතුර සිදු වී තිබේ.
මෙම අනතුර අසල සවි කර තිබු සි සි ටී වී දසුන් වලින් බැලු විට පලා ගිය වැන් රථය හදුනා ගෙන ඇති අතර එය අත් අඩංගුවට පියවර ගෙන ඇති බවත් පොලිසිය කියයි.
ආණමඩුව වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි අබේරත්න මහතාගේ උපදෙස් මත රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.ඩබ්ලිව්.කේ.හේරත් මහතා ඇතුළු නිලධාරින් පරික්ෂණ සිදු කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරකින් සිව් දරු පියා මරුට