(ප්‍රසන්න පත්මසිරි)
බිබිල දොඩන්ගොල්ල ප්‍රදේශයේදී මගී පෞද්ගලික බසයක් අද (10) පාරෙන් ඉවතට පැන පොල් ගසක වැදී සිදුවු අනතුරකින් මගීන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය කියයි.
බිබිල මූලික රෝහලට ඇතුලත් කළ මගීන් හයදෙනාගේ තත්වය බරපතල නොවන බව පොලීසිය සඳහන් කරයි. මැදගම අයිවෙළ ගම්මායේ සිට සිට බිබිලට මගීන් රැගෙන ධාවනය වෙමින් තිබුන බසය දොඩන්ගොල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගමන් කර පොල් ගසක හැපී අනතුර සිදුවෙන අවස්ථාවේදී මාර්ගය දෙපස සිටි පිරිසක් දිවගොස් අනතුරින් බේරී තිබේ.
අනතුර සම්බන්ධයෙන් බිබිල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd