රිය අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන තේමාව යටතේ මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දේශනයක් අද කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය ලංකා දිසානායක මහත්මිය විශේෂ දේශන සිදුකළහ.


COMMENTS
බණ කියල වැඩක් නෑ. පාරේ කැමරා හයි කරන්න. රථ වාහන වැරදි වලට දඩ වැඩි කරන්න. වාහන ආනයනය පාලනය කරන්න. රියදුරු බලපත් ලබාදීමේදී සිදුවණ බරපතල අල්ලස සහ දුෂණය නැති කිරීමට කටයුතු කරන්න. (ම)
ලංකාවේ මාරන්තික දරුණු රිය අනතුරු බොහෝවිට සිදුවන්නේ වාහන තදබදයෙන් තොර පිටපළාත් වලය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාර්ග නීති මෙන්ම මාර්ග තත්වය නොතකා අපරික්ෂාකාරීව රිය පැදවීමත්, බීමත්ව රාත්‍රියේ නිදිබරව රිය පැදවීමත්ය. එබැවින් වංගු සහිත උඩරට ප්‍රදේශ වලත්, වාහන තදබදයෙන් තොර පිටපළාත් වලත් රියපදවන රියදුරන් ගැන පොලිසිය හොදින් පරීක්ෂාකාරීව සිට අපරික්ෂාකාරීව රිය පදවන රියදුරන්ට දෙන දඬුවම වැඩි කරමින් ඔවුන් දැනුවත් කළයුතුය (නි)