(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නිශ්ශංක හන්දිය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් අනතුරට ලක්කරමින් කිසියම් වාහනයක් පළා ගොස් තිබෙන බවත් යතුරුපැදිකරු අනතුරෙන් මියගොස් ඇති බවත් දඹුල්ල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ දඹුල්ල නිස්සංක හංදිය ප්‍රදේශයේම පදිංචි එම්. ඩබ්ලිව්. ලලිත් කුමාර (48) නමැති දෙදරු පියෙකි.
ඊයේ (08) රාත්‍රියේ මාතලේ දෙසින් යතුරුපැදිය දඹුල්ල නගරය දෙසට ධාවනය කර තිබෙන බවත් දඹුල්ල දෙසින් මාතලේ දෙසට ධාවනය වූ වාහනයක ගැටීමෙන් මීටර් සියයක් පමණ දුරක් යතුරුපැදිය ඇදී ගොස් ඇති බවත්, පරීක්ෂණවලදී හෙළි වී යැයි දඹුල්ල පොලිසිය කියයි.
තුවාල ලැබූ යතුරුපැදිකරුව ප්‍රදේශවාසීන් දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.
අනතුරට පත් කළ වාහනය හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඒ සදහා අවට ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කරන බවත් දඹුල්ල පොලීසිය කියයි.
දඹුල්ල මුලස්ථාන පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුර කළ රථය පළා යයි - යතුරුපැදිකරු මරුට