විදුලි සහ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනය (IEEE) ශ්‍රී ලංකා ශාඛාව සහ රොබෝ විද්‍යා හා ඔටෝමේෂන් සංගමය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන රොබෝ විද්‍යා වැඩමුළුව නොවැම්බර් මස 29 දා පස්වරු 5.30 ට කොළඹ වර්චුසා පොලාරිස් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙය ශ්‍රී ලංකා රොබෝ විශේෂඥ ප‍්‍රජාව එකට එක්වන සුවිශේෂී අවස්ථාවක් වන අතර නූතන රොබෝ තාක්‍ෂණ පිළිබඳ දේශන සහ විද්වත් සාකච්ඡා එදින ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකා අධ්‍යාපනික ක්ෂේත‍්‍රයට සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයට මෙය වඩාත් ඵලදායක වැඩමුළුවකි.
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුවන් ගෝපුර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලිලන්ත සමරනායක යන මහත්වරු එදින දේශන පවත්වති. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණකමය ගණිත දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාගර සුමතිපාල මහතා විසින් වැඩමුළුව මෙහෙයවනු ඇත.
වර්චුසා පොලාරිස් ගෝලීය තාක්‍ෂණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ සහ උපායමාර්ග මුලපිරීම් ප‍්‍රධානී චමින්ද්‍ර ද සිල්වා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංජීව මෛත‍්‍රිපාල, නිකිණි ඔටොමේෂන්හි අධ්‍යක්‍ෂ රුවන්ත ද සේරම් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම ගෝලීය තොරතුරු තාක්‍ෂණික සේවා සමාගමක් වන වර්චුසා පොලාරිස් ආයතනය මෙම වැඩමුළුව සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය සපයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd