( බුද්ධික කුමාරසිරි)
රනාල දැඩිගමුව මහවෙල ප‍්‍රදේශයේ පිහිටි ආහාර නිශ්පාදන කර්මාන්තශාලාවක අද (15) උදෑසන ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා ගිනි නිවීම් ඒකකය සහ කොළඹ ගිනි නිවීම් ඒකක පැමිණ පැය තුනක පමණ මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd