IMG-LOGO

රන්බඩු කොල්ලකෑ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක්

(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රෙයිස් ප‍්‍රනාන්දු මහතාගේ ලඝුලේඛකයාට සහ ඔහුගේ මිතුරාට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔවුන් සතු අකුණු සන්නායකයක් සහ රුපියල් පන්ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියකට අදාළ ව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාට අද(23) වාර්තා කළේය.

තමන් පළාත් සභා මන්තී‍්‍රවරයා ළග සේවය කරන අවස්ථාවේදී ඩිලාන් නැමැති මිතුරකු හදුනා ගත් බවත්, ඒ අනුව තමන් සන්තකයේ තිබූ අකුණු සන්නාහකය අලෙවි කිරීම සදහා ගැනුම්කරුවකුට එය පෙන්වීමට ඉකුත් 20 වැනිදා කොළඹට යෑමට අවශ්‍ය බව ඔහු සදහන් කළ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඒ අනුව තම මිත‍්‍රයකු වූ රමේෂ් නැමැත්තා සමග මෝටර් රථයෙන් කොළඹ බලා පිටත් වූ අතර, අතරමගදී ඩිලාන් නැමැත්තාත් ඔහුගේ පෙම්වතිය බව කියන අයකුත් තමන් සමග වෑන් රථයකින් පැමිණී බවත් පෑලියගොඩ ප‍්‍රදේශයෙන් ධම්මික නැමැති අයකු තම කාර් රථයට ගොඩ වූ අතර සියලූ දෙනා බෞද්ධාලෝක මාවතේ පිහිටි ස්ථානයකට ගිය බවද පැමිණිල්ලේ දැක්වේ. පසුව එම බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසක ඉහළ මාලයට ගොස් අකුණු සන්නායකය පිළිබඳ මිල ගණන් කතා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු  සහ සිවිල් පුද්ගලයන් සිව් දෙනකු තමන් සන්තකයේ ආයුධ ඇති බැවින් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට සදහන් කරමින් ගිනි අවියක් පෙන්වා තමා සහ තම මිතුරා සන්තකයේ තිබූ රුපියල් පන් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රත‍්‍රන් බඩු මංකොල්ල කෑ බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

අනතුරුව මෝටර් රථයේ යතුර ඉල්ලා ගෙන එම පිරිස පළා ගිය බවත්  පසුව ගොස් බැලීමේදී වාහනයේ ඩිකියේ තිබූ අකුණු සන්නායකය ද අතුරුදන්ව ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

රන්බඩු කොල්ලකෑ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site