IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට


 
සිතුම් චතුරංග
            
සුඛෝපභෝගී මෝටර් රථවලින් පැමිණ අවි පෙන්වා වවුනියාව පූවර්සන්කුලම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු මුදල් හා රන් ආභරණ කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් තිදෙනකු අද (2) සෙට්ටිකුලම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
            
වවුනියාව , පූවර්සන්කුලම , වාරිකුට්ටූර් ප‍්‍රදේශයේ පසුගිය (27) වැනි දා රාත‍්‍රීයේ ව්‍යාපාරිකයකුගේ නිවසට කඩාවැදුණු පිරිසක් අවි පෙන්වා මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑමට උත්සහ කිරීම පිළිබඳ පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් හා කොල්ලය සඳහා පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.


කොල්ලකෑම සඳහා ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් හට අදාළ නිවසෙහි දොරගුළු බිදීමට නොහැකි වී ඇති අතර පසුව නිවැසියන් විසින් 119 පොලිස් හදිසි දුරකථන පණිවිඩ ඔස්සේ පොලිසිය වෙත දැනුම් දීමත් නිවසියන්ගේ කෑ ගැසීමත් හේතුවෙන් කොල්ලකරුවන් පලා ගොස් ඇත.


අදාළ අවස්ථාවේ කොල්ලකරුවන් විසින් නිවසෙහි දොර විවෘත නොකරන්නේ නම් ව්‍යාපාරිකයාට අවි පෙන්වා ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවද පොලිසිය පවසයි.


පොලිසිය අදාළ ස්ථානයට ළඟාවන විට කොල්ලකරුවන් පලා ගොස් සිටි අතර සිද්ධිය පිළිබඳ වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් සීසීටිවි දර්ශන ඇතුළු තොරතුරු මගින් සිදුකළ විශේෂ විමර්ශනයක දී සැකකරුවන් පිරිස හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසිය පැවසූයේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී සෙල්ලම් පිස්තෝල ඇතුළු කොල්ලකෑම් සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් මෝටර් රථයේ තිබී සොයා ගත් බවයි.
            
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ හා මන්නාරම ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21, 27 සහ 30 අතර වයසේ පසුවන්නෝ වෙති.



අදහස් (0)

රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site