ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් ලක්ෂයක් 27ක් පමණ වටිනා රිදී කිලෝ ග්‍රෑම් 30 ක් ඊයේ (26) සවස කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් බැව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පැවසීය.
කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙම රිදී තොගය සිය ගමන් මල්ලේ සගවා ගෙන ලංකාවට පැමිණ ඇත.
මොහු ඊයේ (26) දින සවස 2.30 ට පමණ ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ් ඉසෙඩ් - 557 දරණ යානයෙන් පැමිණ ඇතැයි වාර්තා වේ.
මොහු මෙම රිදී තොගය ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනල් ඔස්සේ ගුවන් තොටුපලින් පිටතට ගෙන යාමට සූදානම් වන විට , රේගුවේ නිලධාරිහු ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd