‘රටට හා රටේ ජනතාවට යහපතක් ගෙන දෙන සංවර්ධන ක්‍රියාදාමයන්ට විරුද්ධ වීම ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා දේශපාලන විරුද්ධවාදීන්ගේ පුරුද්දක් බවට පත් වෙලා තිබෙනවා ජනතාව අතරින් ප්‍රතික්ෂේප වු මෙම කොට්ඨාසය යහපාලන රජය අපහසුතාවයට පත් කොට සමස්ත රටම අඩපණ කිරීමේ අරමුණෙන් කුමන්ත්‍රණකාරී වර්ජන රැල්ලක් දියත් කරමින් සිටිනවා‘ යැයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (16) රන්න පැවැති ජනහමුවකදී පැවසීය.
ළිඳ තුළ සිටින මැඩියන් පරිද්දෙන් කටයුතු කිරීම අපේ රජයේ ප්‍රතිපත්තිය නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරය සමඟ යහපත් විදේශීය සබඳතාවන් ගොඩනඟා ගැනීමට අද වන විට රජයට අවකාශය සැලසී තිබෙනවා. තවද ඉන් කෝටි ප්‍රකෝටී ගණනින් වූ අරමුදල් අප රටට ලබා ගන්නාවු වෙළඳ ගිවිසුම් වලට එළඹීමට හැකිවීම රටක් ලෙස අප ලබාගත්තාවු විශාල ජයග්‍රහණයක්. ‘ යැයි ද කී ප්‍රේමදාස මහතා රැකියා හිමි වීමට, රටට විදේශ විනිමය ගලා ඒමට, කෝටි, ප්‍රෙකෝටි ගණනින් වු ජාත්‍යන්තර අරමුදල් ලංකාවට ඒමට විරුද්ධ වන පිරිස හැදින්විය යුත්තේ දේශප්‍රේමීන් ලෙස ද, එසේත් නොවේ නම් දේශද්‍රෝහීන් ලෙසද යන්න තීරණය කිරීමේ අයිතිය මහජනතාවට අප භාර කරන බව කීවේය.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රටේ යහපතට විරුද්ධවීම ඒකාබද්ධ විපක්ෂයේ පුරුද්දක්‘