පසුගිය කාලයේදී දේශපාලන පළීගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණිලි විභාග කිරීමට පත් කළ දේශපාලන පළිගැනීම් කමිටුවට ලැබුණු පැමිණිලි අතරින් විමර්ශන අවසන් කර ඇති පැමිණිලිවලට අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමෙහි ප‍්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කරුණු විමසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම්, වැවිලි කර්මාන්ත, සෞඛ්‍ය, කෘෂිකර්ම, කර්මාන්ත හා වාණිජ, නිවාස හා ඉදිකිරීම් සහ වරාය හා නාවික යන අමාත්‍යාංශවල නිලධාරීන් අද (16) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කැඳවා ඇති අතර එහිදී එම අමාත්‍යාංශ වෙත යොමු කර තිබෙන නිර්දේශ ක‍්‍රියාත්මක කර ඇති ආකාරය සහ ප‍්‍රමාණය පිළිබඳව කරුණු විමසීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd