(රංජන් කස්තුරි)
රජයේ සේවකයින්ට මේ මාසයේ සිට ලබාදෙන රුපියල් 2500 ක වැටුප් වැඩිවීම සංස්ථා හා මණ්ඩල සේවකයින්ට නොලැබෙන බවට එම සේවකයෝ මැසිවිලි නගති.
රජයේ සේවකයින්ට යම් වැටුප් වැඩිවීමක් ලබාදීමේදී හා දීමනාවක් ලබාදීමේදී ඒවා සංස්ථා, මණ්ඩල හා අර්ධ රාජ්‍ය ආයතනවලටද ලබාදීම සාමාන්‍යක් වන නමුත් මෙවර වැටුප් වැඩිවීම එම සේවකයින්ට ලබාදීමට රජය කටයුතු කර නැතැයිද ඔවුහු කියති.
රාජ්‍ය අංශයේ මුළු සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ක් පමණ වන අතර ඉන් ලක්ෂ 11 ක් රාජ්‍ය සේවකයින් වන අතර ඉතිරි කොටස් සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයෝ වෙති.
අය වැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ට මේ මාසයේ සිට මසකට රුපියල් 2500 ක අන්තර්කාලීන දීමනාවක් හිමි වන අතර ඊට අඳාලව මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛනයේ සඳහන් වන්නේ රාජ්‍ය සේවකයින්ට එම දීමනාව හිමිවන බවය.
සංස්ථා , මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයින්ට එම අන්තර් කාලීන දීමනාව ලබාදීමක් ගැන එම චක්‍රලේඛනයේ සඳහන් කර නැත.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම සංස්ථා - මණ්ඩල සේවකයින්ට නෑ