IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජය මහජනයාට පීඩා කරනවා යැයි උද්ඝෝෂණයක්

  (සනත් ගමගේ)


වර්තමාන රජය  දිනෙන් දින සිදු කරන මහජන පීඩා සම්බන්ධයෙන් රජයට විරෝධය පළකරමින් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු අම්බලන්තොට නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක (16)  නිරත වූහ.


 කිසිවෙක් නොදන්නා ඉන්ධන මිළ සූත්‍රය දැනට මාසයක් පාසා ක්‍රියාත්මක කිරීම, අගමැතිතුමාගේ අදහස මත එය සතියකට වරක් ක්‍රියාත්මක කිරීමට කරන සැලසුමට විරෝධය පළකිරීම හා දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ ඉහළ යෑම නිසා මහජනතාවට සිදුවන පීඩාවන්ට විරෝධය පළකරමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්වූ බව අම්බලන්තොට ප්‍රදේශීය සභාවේ  සභාපති දර්ශන සංජීව මහතා කීය.


විරෝධතාවයට එක් වූ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඉන්ධන මිළ ඉහළ යෑමට විරෝධය පළකිරීමක් වශයෙන් මාසික සභා රැස්වීමට යතුරු පැදි තල්ලු කර ගෙන පැමිණියහ.


 



අදහස් (0)

රජය මහජනයාට පීඩා කරනවා යැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site