(එම්.කේ. නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ ගෝනලැබ්බ මැද සීමාවේ තිබී කොටියෙකුගේ මළ සිරුරක් වනජීවී නිලධාරීන් අද(28) සොයාගෙන තිබේ.
මුවෙකු මරාගෙන කමින් සිටි මෙම කොටියා අසළට පැමිණි තවත් කොටියෙකු සමඟ හටගත් දරුණු ගැටුමකින් අනතුරුව මෙම කොටියාද මියයන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක පළ කරති.
වලිගයද සමගින් අඩි 7 ක් පමණ දිග වැඩුණු සිරුරකින් යුත් මෙම කොටියාගේ ගෙල සීමාවේ දරුණු තුවාල පවතින බවත්, ඒ ආසන්නයේ මුවෙකුගේ ලේ වැගිරෙමින් තිබූ හිසක් සොයාගත් බවත් වනජීවී නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd