මහනුවර රෝහලේ පිළිකා අංශයේ ඉදිකළ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍ය විදුලි පුටු 25ක් පරිත්‍යාග කිරීම අරමුණු කොට යුරෝපයේ ශ්‍රී ලාංකික ලක් රූ රැජිණ තේරීමේ උළෙලක් පැරීසියේදි පැවැත් විණි.
2008 ශ්‍රී ලංකා රූ රැජිණි ෆේත් ලැන්ඩර්ස් මෙනවිය, ,ලාංකිය සිනමා නිලි ගයේෂා පෙරේරා , හේමාල් ජයසුන්දර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළහ. නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විත වූ මෙම උත්සවයේදී යුරෝපයේ රටවල් 10කින් තරගකාරියන් 15 දෙනෙක් ඉදිරිපත් වූහ. එහිදී තරග වට තුනකින් පසු ඩෙන්මාර්කයේ සබීනා තෝර්සන් 2016 වර්ෂයේ යුරෝපයේ ශ්‍රී ලාංකික ලක් රූ රැජිණ ලෙස ජය ගත් අතර ජර්මනියේ සෞම්‍යා සිංහවංශ හා ප‍්‍රංශයේ සඳලී ප‍්‍රමෝධ්‍යා අනුපිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර ගත්හ.
විශේෂ කුසලතා පරීක්ෂණයට අනුව හොදම මෝස්තර නිරූපණය , සුන්දර රූමතිය, හොදම රූප දේහය හිමි යුවතිය, අලංකාර හා දක්ෂතම රූමතිය ලෙස ත්‍යාග පහක් පිරි නැමිණි. ඒවා අනුපිළිවෙලින් සඳලී ප‍්‍රමෝධ්‍යා, ක‍්‍රිස්ටිනා අබේසේකර, සබීනා තෝර්සන් හා සෞම්‍යා සිංහවංශ යන යුවතියෝ දිනා ගත්හ.
ජයමිණි හා තිසරාවි කලායතනයේ විචිත‍්‍ර නර්තන වලින් එදින සැඳෑව අලංකාරමත් විය. උත්සවය ප‍්‍රංශ ලංකා සුබ සාධන සංවිධානය විසින් සංවිධානය කළ අතර එහි සභාපති සනත් මහතා උත්සවය සාර්ථක කරගැනීමට සහාය දැක්වූ සියලු දෙනාට ස්තූති කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කලත් මේවා හොඳ වැඩ . පින්කම් නේ ,රටටනේ . ඔබල ගැන ආඩම්බරයි .(ම)
නොදන්නා දෙයක් දැන්වුවට ගොඩක් ස්තුතියි (අ)