(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ ඇතුළු මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීම සඳහා එම මුහුදු තීරයට ආරක්ෂිත සි.සී.ටීවී කැමරා සවිකිරීමට කාරෙයිනගර් ප්‍රාදේශිය සභාව තීරණය කර ඇත.
දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම මුහුදු තීරය නැරඹීමට පැමිණෙන අතර ඔවුන් විසින් පසුගිය දිනවල ප්‍රාදේශිය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නානකාමර පෙළක් කඩා බිද දමා තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මත්පැන් පානය , මත් ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සමාජ විෂම ක්‍රියා මෙම මුහුදු වෙරළ තීරයේ සිදුවන නිසා ඒවා අවම කරගැනීමේ අරමුණින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරන බව කාරෙයිනගර් ප්‍රාදේශිය සභා නිලධාරීන් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් හොඳ අදහසක්. අපේ රටේ මුහුදු යන උදවිය තමයි කරන තරමක් නීති විරෝදී වැඩ කරන්නේ... මුහුදු යාම තහනම් කෙරුවත් , අපේ විරෝධයක් නැහැ.