(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස යාපනය කන්දර්මඩම ප්‍රදේශයේ තිබියදී හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
26 හැවිරිදි එමානුවේල් රාමුවේල් නැමති මෙම වෛද්‍ය සිසුවා වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අතරම යාපනය පලාලි මාර්ගයේ කන්දර්මඩම ප්‍රදේශයේ අදාල වෛද්‍ය සිසුවා තාවකාලිකව නවාතැන් ගෙන ඇති අතර ඊයේ දින සිසුවා සරසවියට නොපැමිණීම හේතුවෙන් මිතුරන් විසින් සොයා බැලීමේදී අදාල සිසුවාගේ මළ සිරුර හමු හමුවු බව පොලිසියට දැනුම් දි ඇත.
යාපනය පොලීසිය විසින් සිදු කරන ලද මූලක පරික්ෂණ වලදී සැක පල වී ඇත්තේ අදාල වෛද්‍ය සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටත් අවසන් විභාග පීඩනය හේතුවෙන් මෙසේ දිවි තොර කරගන්නට ඇති බවට සැක පල වන බවටත් සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු යාපනය මහරෝහලේදී සිදු කිරීමට නියමිතය.
මිය ගිය වෛද්‍ය සිසුවාගේ ස්ථීර පදිංචිය වව්නියාවේ අංක 33 පළමු පටුමග උක්කුලාන්කුලම් ප්‍රදේශයේ බවට අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd