(රොමේෂ් මධුෂංඛ)
යාපනය වීරසිංහම් ශාලාව ආසන්නයේ පිහිටි ගසක් යටින් පාසල් දැරියකගේ නිලඇඳුම්,යටඇඳුම් සමඟ පාවහන් යුගලයක් දමා ගොස් තිබියදී යාපනය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ පාසල් දැරිය කව්රුන් දැයි යන්න පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.
අදාළ දැරියගේ පාසල් නිලඇඳුමත් සමඟ යාපනය චාවකච්චේරි ඉඩයික්කාඩු පාසලට අයත් ටයිපටියක්ද හමුවීම මත එම පාසලේ දැරියකට අයත් නිල ඇඳුම් හා පාවහන් බවට යාපනය පොලීසිය විසින් අදාළ දැරිය පිළිබඳව ඉඩයික්කාඩු පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් මාර්ගයෙන් සෙවීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් අදාළ දැරියගේ නිලඇඳුම් මෙසේ ගසක් යට තිබීම නිසාවෙන් දැරියට කිසියම් කරදරයක් සිදුවී ඇතිද යන්න පිළිබඳව ද සැකයක් ඇතිව තිබෙන අතරම අදාළ නිල ඇඳුම් පිළිබඳව යාපනය ජනතාවගෙන්ද සහය ලබා පුළුල් පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යාපනයේ පාසල් දැරියකගේ නිල ඇඳුම් ගසක් යටින් හමුවෙයි