රොමේෂ් මධුෂංඛ
යාපනය කෝපායි පොලිස් වසමේ සහ චුන්නාකම් පොලිස් වසමේ නිවාස 3 කට ඊයේ (22) රාත්‍රීයේ ආවා කල්ලි ප්‍රහාරයක් සිදු වී ඇති බවට චුන්නාකම් හා කෝපායි පොලීසිය පවසයි.
කෝපායි පොලිස් වසමේ පිහිටි නිවාස දෙකකට පළමුව යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කරගත් 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් පළමුව පහර දී ඇති අතර එම පහරදීමෙන් අදාළ නිවාසයන්හී තිබූ යතුරුපැදි තුනකට ගිනි තැබීම් හා නිවසේ දොර ජනෙල් වලට දැඩි හානි සිදුකර ඇති අතර කිසිදු පුද්ගල හානියක් සිදු කර නොමැති බවට කෝපායි පොලීසිය පවසයි.
අනතුරුව එම පිරිස විසින්ම චුන්නාගම් පොලිස් වසමේ පිහිටි තවත් නිවාසයකට පහර දී එහි තිබු යතුරුපැදියකට හා ත්‍රී රෝද රථයකට දැඩි අලාභ හානි කර නිවසට අලාභහානි සිදු කර පලා ගොස් ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම නිවාස තුනටම පහර දීමේදී පැමිණි පිරිසේම එක් පුද්ගලයකු විසින් මෙම සියලු පහරදීම් වීඩියෝගත කර ගත් බවටද ප්‍රහාරය එල්ල වූ නිවසියන් කියා සිටි අතර පහර දීමේදී කිසිදු පුද්ගල පහරදීමක් සිදු නොකිරීමට ද මෙම කල්ලිය විසින් නියෝග ලබාදුන් බවට පහරකෑමට ලක් වූ නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.
අදාළ පහරදීම් සමබන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර චුන්නාගම් හා කෝපායි පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යාපනයේ නිවාස තුනකට ආවා ප්‍රහාරයක්