(චන්දන ප්‍රනාන්දු)
දංකොටුව නගරයේ වෙළඳසල් හිමියෙකුට අයත් යතුරුපැදියක් සොරාගෙන යමින් සිටි පුද්ගලයෙක් සොරකම සිදු වී පැයක් ඇතුළත යතුරුපැදියත් සමග සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ සෙරෙප්පු වත්තේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
සිය වෙළඳසල ඉදිරිපිට නවතා තිබු රුපියල් හැටදාහක් පමණ වටිනා යතුරුපැදිය සොරාගෙන යාම සම්බන්ධයෙන් වෙළඳ සල් හිමියා ඊයේ (18) රාත්‍රියේ පොලීසියට කළ පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වු පොලිසිය දන්කොටුව නගරයේ දන්කොටුව පන්නල මාර්ගයේ කිලෝමිටර් 2 ක් පමණ දුරින් යතුරුපැදිය තල්ලු කරගෙන යමින් සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd