(දිලීප් ජයසේකර)
සුරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක නවතා තිබු යතුරු පැදියක් කැබලි කර විකිණීම සදහා සොරකම් කළැයි වරදකරු වු තරුණයෙකු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බදාදා (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සුරියවැව බැද්දෙවැව බටහිර පදිංචි කේ.ඒ.චානක නැමති 20 හැවිරිදි තරුණයෙකි.
බන්ධනාගාර ගත කෙරුණු තරුණයාගේ නිවසට යාබද නිවසක නවතා තිබු යතුරු පැදියක් තවත් අයෙකු සමඟ සොරකම් කර සුරියවැව නමඩගස්වැව ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදි පොලීසිය විසින් සොයා ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd