(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම කිරීයන්කල්ලිය ගල්කුලිය ප්‍රදේශයේ අද (4) සිදුවූ යතුරු පැදි අනතුරකින් සිවු හැවිරිදි දරුවකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කල බව මුන්දලම පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ ගල්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙතුල බිම්සර නැමති දරුවකු බව පොලිසිය පවසයි.
මිය ගිය කුඩා දරුවා පියා සහ සොහොයුරා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියකු පැදවූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ කුඩා දරුවා,ඔහුගේ පියා ,වැඩිමහල් සොහොයුරා සහ පොලිස් නිලධාරියා මුන්දලම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් තුවාල ලැබූ සිවු හැවිරිදි දරුවා හලාවත රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd