IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යෝජිත වයඹ ඇල ව්‍යාපෘතියෙන් පවුල් 100ක් අසරණ වෙයි

 

(කාංචන කුමාර ආරියදාස)


 මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෑමැඬිල්ල ජලාශය හරහා වයඹ ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සඳහා  ජලය රැගෙන යාම වෙනුවෙන්  ඉදිකිරීමට යෝජිත වයඹ ඇල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමෙන් ඉඩම් අහිමි වු පවුල් සඳහා   නිසි  වන්දි මුදලක්  තක්සේරු නොකිරීම හේතුවෙන් පවුල් 100 ක් පමණ දැඩි අසීරුතාවට පත්ව තිබේ.


ඇල  ඉදි කිරීමේදී අවතැන් වන පවුල්  සඳහා ලබා දීමට නියමිත වන්දි  මුදල් වලින් රුපියල් ලක්ෂ 99ක් වන්දි තක්සේරු කර ඇති පවුල් හතරකට රුපියල් ලක්ෂ 14 ක වන්දියක් ගෙවීමටත් , රුපියල් ලක්ෂ 38 ක මුදලක් ඇස්තමේන්තු කර  ඇති වන්දිය පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක්  ලබාදීමට වයඹ ඇල සංවර්ධන ව්‍යාපෘතිය මඟින්  ඔවුන්ට ලිපි මඟින් දැනුම් දීම  නිසා ඔවුන් තවත් අසීරුතාවට පත්ව ගැමියෝ  පවසති.


වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි බොහෝ දෙනෙකුගේ ඉඩකඩම් වතුපිටි ගේ දොර ආදී රැසක් මේ වන විට  රජයට අත්පත්   කර ගෙන තිබුණද  එම පිරිසට තවමත්  සාධාරණ වන්දි මුදලක් ලබාදීමට හෝ ඔවුන්ගේ පදිංචියට සුදුසු ඉඩ කඩම් ලබාදීමත් මෙතෙක් සිදු නොකරීම හේතුවෙන් නිවසක් නිසි අයුරින් ඉදිකර ගැනීමට හෝ නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි  ඔවුහු පෙන්වා දෙති.


‘අසාධාරණයට පත් වූ පදිංචිකරුවන්  හඬා වැටෙමින්  පවසා සිටියේ  වසර ගණනාවක සිට නිවසක  සිහිනය සැබෑ කරගැනීම සඳහා සියලු ඉදිකිරීම් උපකරණ රැස්කර   තිබුණද  ඒවා  දිරාපත් වෙමින්  පැවතියද  නිවාස ඉදිකිරීම සඳහා හෝ නිවාසයක් අලුත්වැඩියා කිරීමට හෝ වයඹ ඇළ ව්‍යාපෘතිය ඉඩ ලබා නොදෙන බවත්, ජනාධිපතිවරයාගේ සිට අදාල සියලුම අංශ වෙත මෙම  සිදුව ඇති  අසාධාරණය පිළිබඳව දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක්  ගෙන නොමැති බවත්ය.


වයඹ ඇළ ඉදිකිරීම සඳහා අත්පත් කරගෙන ඇති ඉඩම් බොහොමයක් විහාර දේවාලගම් පනත යටතේ පවතින නිසා එහි වන්දි තක්සේරු කර ඒවා මහා භාරකාර දෙපාර්තමේන්තුවට වන්දි ලෙස ගෙවන බවත්, එයින් සුළු  මුදලක් පදිංචිකරුවන්ට ගෙවීමට තීරණය කර ඇති බවත් තොරතුරු අනාවරණය විය.
ගම්මුන් සමඟ සාකච්ඡාවෙන් පසු  සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුයේ වයඹ ඇල ව්‍යාපෘතිය මගින් අහිංසක ජනතාවට විශාල අසාධාරණයක් සිදුකර ඇති බවයි.


පසුගියදා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනතා මුදල් කොපමණ වියදම් කළේ ද  යන්න පිළිබඳව අවධානය යොමු කරමින්   පවසා සිටීයේ තමන්ගේ ඉඩකඩම් ගේ දොර වතුපිටි සියල්ල රටේ සංවර්ධනය සඳහා ලබාදෙන අහිංසක ජනතාවට රුපියල් 5000 සොච්චම් වන්දි මුදලක් ලබාදී ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම විශාල අසාධාරණයක් බවකි.


මෙම අසාධාරණයට  සාධාරණත්වය ඉටු නොකරන්නේ නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම ජනතාව සමඟ එක්ව කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් වයඹ ඇල ප්‍රදේශයේ සිදු කරන්නට ඉඩ නොදෙන බවත්  පැවසු අතර  සංවර්ධන කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන එන පිරිස්  එලවා දමන බවත් සඳහන් කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය. 

 

 



අදහස් (0)

යෝජිත වයඹ ඇල ව්‍යාපෘතියෙන් පවුල් 100ක් අසරණ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site