(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල ධීවර වරායෙන් අද (05) බහුදින යාත්‍රාවකින් මාළු ඇල්ලීමට ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ බේරුවල කරඳගොඩ බුබුලලන්ද ප්‍රදේශයේ පදිංචි කසුන් කුමාර නැමැති අයෙක් බව පොලිසිය කියයි.
හය දෙනෙකුගෙන් යුත් පිරිසක් යාත්‍රාවේ ගමන් කර ඇති අතර ධීවර වරායට මුහුදු සැතපුම් තුනක් පමණ තිබියදී මෙම පුද්ගලයා මුහුදට වැටී ඇති බව යාත්‍රාවේ සිටි අයෙක් පවසා ඇතැයි පොලිසිය කියයි.
අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අද සවස් වන විටත් හමුනොවූ බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd