(ඩබ් ඒ පියතිලක)
සෝමාවතිය ජාතික වනෝද්‍යානය හරහා ගලා බසින මහවැලි ගග සහ පෙරියආරු යන ගංගාවලින් ගවයින් බැදි කරත්ත වලින් නීතී විරෝධිව වැලි රැගෙන ගොස් අලෙවි කරන පුද්ගලයින් දෙදෙනෙකු වැලි කරත්ත සමඟ අද (08) දින අත්අඩංගුවට ගත් බව සොමාවැතිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ලංකාපුර තඹාල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔහුන්ට අයත් ගවයින් බැදි කරත්ත දෙකක් බවත් මෙම පුද්ගලයින් කලක පටන් නිති විරෝධි ලෙස හොර රහසේ මහවැලි සහ පෙරියාරු යන ගංගා වලින් කරත්ත වලින් වැලි රැගෙන විත් එක් රැස් කොට මහා පරිමාණ ලෙස වැලි ව්‍යාපාරිකයන්ට අලෙවි කරන බවට වනජිවි නිලධාරින් කළ පරික්ෂණ වලදි අනාවරණය වු බව කියයි.
මෙම වැටලිම සදහා සොමාවැතිය ජාතික උද්යානයේ භාරකරු ඩබ් එච් එල් කේ වාසල අඩව් සහකාර ශාන්ත සුමනවංශ නියාමකවරුන් වන ආරියරත්න , සමීර , අසංක , සුජිත් සහ සිවිල් ආරක්ෂක කපිල යන නිළදාරින් මේ සදහා සහභාගි වි තිබේ.
අත්අඩංගුවට ගත් කරත්ත සහ පුද්ගලයින් හෙට (09) දින හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව වනජිවි නිලධාරින් පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මහවැලි-පෙරියආරු ගංගාවලින් වැලි ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට