ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
යක්කලමුල්ල පොලීසිය සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමකදී විවිධ රථවාහන වැරදී සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 27 දෙනෙකු සමඟ පුද්ගලයින් 35 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් අතර වයස අවුරුදු 72 ක් වූ කසිප්පු ජාවාරම්කරුවෙක් ද සිටී.
පොලිසිය පවසන්නේ තම්මිටියේ පදිංචි මෙම සැකකරු කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් තෙවැනි අවස්ථාව බවයි.
මෙම මෙහෙයුමේදි ලියාපදිංචි නොකළ යතුරුපැදියක් මාර්ගයේ ධාවනය කරන ලද පුද්ගලයෙක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd