(රංජිත් කරුණාවීර සහ වික්‍රම තෙන්නකෝන්)
ජාතික සමගිය සඳහා වන සර්ව ආගමික පෙරහැරක් වෙසක් පොහොය දින සවස මහියංගනයේදී පැවැත්විණි.
මහියංගන නගරයේ සිට සොරබොර ශ්‍රී අශෝකාරාමය දක්වා ගමන් කළ එම පෙරහැර සොරබොර ශ්‍රී අශෝකාරාමාධීපති බින්තැන්න පළාතේ උප ප්‍රධාන සංඝනායක විනය කීර්ති ශ්‍රී වෙහෙරගොඩ ආනන්ද නායක හිමිපානන්ගේ අදහසකට අනුව සංවිධානය කර තිබිණි.
ගිරාදුරුකෝට්ටේ ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රධාන පියතුමා, කන්‍යා සොහොයුරියෝ, පගරගම්මන මුස්ලිම් ප්‍රධාන පල්ලියේ මෞලවීතුමන්ලා ඇතුලු මුස්ලිම් ජනතාව මෙම පෙරහැර සඳහා එක්ව සිටියහ.
සර්වාගමික පෙරහැර සොරබොර ශ්‍රී අශෝකාරාමයෙන් අවසන් වූ අතර එහිදී සර්ව ආගමික හමුවක්ද පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd