(චමිල් රූපසිංහ)
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ වසර 2019 සඳහා වන අයවැය සභා අනුමැතිය සඳහා දෙවන වර අද (31) ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩි ඡන්දයකින් අයවැය සම්මත විය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 20 දෙනා අයවැයට පක්ෂවද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 03 දෙනා අයවැයට විපක්ෂවද ඡන්දය පාවිච්චි කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා සභාවට පැමිණ නොසිටීයහ.
මහනුවර මහ නගර සභාවේ අයවැය ප්‍රථම වර ඉදිරිපත් කළ අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 20 ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 21 ක් ලැබීම නිසා එය එක් ඡන්දයකින් පරාජයට පත්විය.
දෙවන වර අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්ව අයවැයට විපක්ෂව ඡන්දය දුන්නද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා මෙදින සභාවට නොපැමිණ සිටීම නිසා එම ඡන්ද දෙකේ වාසියෙන් එක්සත් ජාතික පක්ෂයට මහනුවර මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකිවිය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි
krishantha Tuesday, 01 January 2019 07:06 AM
පළමුවර විරුද්ධ වෙලා පස්සේ මාරු වුනේ මොකද ? රට වෙනුවෙන් ජීවිත පුජා කරපු දේශපාලන ව්‍යාපාරයක වර්තමාන තත්වය .