(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලකින් ලබාදුන් පාසල් නිල ඇඳුම් වවුචරයේ වෙළඳ මහතුන්ගේ ගිණුම් අංකය යෙදිය යුතු ස්ථානයේ විදුහලේ පාසල් සංවර්ධන සමිතියට අයත් ගිණුම් අංකය රබර් මුද්‍රාවක් මගින් යෙදීම නිසා අදාල වවුචර්පත් බැංකුගත කිරීමේදි වෙළඳසල් හිමියෝ දැඩි අපහසුතාවයට පත්වී සිටිති.
තලාතුඔය නගරයේ පාසල් නිල ඇඳුම් අලෙවි හා ඇඳුම් මසන වෙළදසලකට ලැබුණු මෙම වවුචර්පත වල මෙසේ රබර් මුද්‍රාවකින් අදාල පාසලේ සංවර්ධන සමිතියේ ගිණුම් අංකය සටහන් කර තිබිණි.
අදාල ව්‍යාපාරිකයා පැවසුවේ මෙවැනි වවුචර්පත් නැවත රැගෙන ආවොත් ඔවුන්ට නිල ඇදුම් රෙදි නිකුත් කිරීමේ ගැටලුවක් පවතින බවයි. උසස් විදුහල්වල මෙවැනි ක්‍රියා නිසා පාසල් දරුවන් දෙමාපියන් මෙන්ම ව්‍යාපාරිකයින්ද අපහසුතාවයට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd